Thursday, November 17, 2011

නිදි නැතිව නෙතු ගාව 


මා දකින සිහිනේ

දෑත ගෙන මා අසල


නුඹ පමණි රැඳුනේ

සුසුම් වැහි පොද වැටෙන


සඳ මැරුන අඳුරේ


දැනෙයි නුඹ මට පෑව


නිම් නොමැති සෙනෙහේ

නුහුරු බව දැනුනාද


හුරුපුරුදු ඇසුරේ


තරහෙන්ද මා එක්ක


නොදොඩාම සිටියේ

ආදරේ නොම දැනුන


තරම් වූ සයුරේ


රැගෙන මට දුර යන්න


අවසරද සොඳු
ර...?       


                                Crezy.N

Thursday, September 15, 2011

.............?

දුක දන්න නිසයි

මුලු හදින්ම ඔබට පෙම් කලේ

දුක දන්න ඔබම

ඇයි මෙච්චර දුකම ලංකලේ

දුක කියාගන්න මට උන්නේ ඔබයි 


වස්‌තුවේ


දුක දරාගන්න කියාදෙන්න පෙම් 


කලා වගේ . . . 

Wednesday, September 14, 2011

ආදරෙයි කියල කටින් කියන්න ඕනේ නෑ..♥




FB Page එක : මාගේ එකම සිහිනය*My One And Only Dream
නිර්මානය පල කරේ Nishadi Cotha


ආදරෙයි කියල කටින් කියන්න 


ඕනේ නෑ රත්තරන්..


දන්නවා ගොඩක් ආදරෙයි කියල ,ඒ 


ආදරේ මට දුන්න විතරක් නෙමේ 


ඔයා,ඒ ආදරේ ඔප්පු කරලත් 


පෙන්නුවා ,ඉතින් කොහොමද 


හිතන්නේ 


ඔයාගේ ආදරේ බොරුවක් කියල,ඒ 


ආදරේ මගේ ලේ මස් නහර වලත් 


දැන් දුවනවා වගේ ,,ආදරේට ආදරේ කරනවා නෙමේ රත්තරන් මේ 


ආදරෙත් මගේ මුළු හදවතින්ම එන ආදරණීය හැගීමක් ,,,,,,

Tuesday, September 13, 2011

දෝර ගලන සඳ වතුරට

නිර්මානය පල කරේ : සංදු උදයංගි(හඳ හාමිනේ)







දෝර ගලන සඳ වතුරට



ඇහි පිණි දිය මුහුකරන්න...


වසන්තයේ නැවුම් තුරක


ලා දල්ලක් වී වැඩෙන්න....


රත් පියුමක පියලි පුරා


තොල් පෙත්තක රූ බලන්න...


දේදුන්නේ පාට අතර


මී බඳුනම දිය කරන්න.....


සුසුම් මැදින් සතුට එබෙන


මගෙ ඉරණම මට ලියන්න....


කඳුහෙල්වල අඳුර මැදින්


පාන අරන් නුඹ වඩින්න.....



ආදරේ නිසා මා ඔබට...♥

FB Page එක : මාගේ එකම සිහිනය*My One And Only Dreamනිර්මානය පල කරේ Nethu Bandara


ආදරේ නිසා මා ඔබට


ඔබ ලඟම ඉන්නම් හැමදාම..


හුස්ම වැටෙන තුරු මේ පපුවට


ආදරය කරන්නම් හැමදාම..

සෙනෙහසින් බැඳුනු සිතකට


පාරමී පුරන්නේ මේ නෙත..


ඔබ ලඟ නැවතුනු හින්දා සිත


සිනහව පායවී හෙට මට..

පින්සර පැතුමක්ව ඔබ මට


පිපුන නිසා මගෙ දිවියට


සෙනහස රන්නදා ඔබ ලඟ


අතුරන්නම් මට හිමි දිවියම.. 

මාව ව්ශ්වාස්යිද...?

විස්වාසය කියන්නෙත් ආදරේම කොටසක් කියල මට නිතරම හිතෙනව. මේක බලන්න....,

"ඔයා කියනවනම් ඔයාව අමතක කරන්න කියලා.....ඒක මට  කවදවත් කරන්න බෑ රත්තරන් මේ පපුවට දෑනුන ඔය උනුසුම ඒ විදියටම රෑදෙන්න දෙන්න තුරුලු කරන් මට කියා දුන්න ප්‍රේමයේ අරුමය නිමා කරන්න මට බෑරි වෙයි.එදා මගේ උනා වගේම අදත් ඔයා මගේ හෙටත් ඔයා මගේ.දන්නවාද..? ඔයාට මාව විශ්වාස නති උනාට කමක් නෑ .මට ඔයාව ගොඩාක් විශ්වාසයි ඒ වගේම රත්තරන් මට ජීවත් වෙන්න ඔය ආදරය ඔනි..."
මෙහෙම කියන්න සිද වුන ආදර කතා කීයක් මේ පුන්චි  රටේ ඇත්ද..ඇයි අපි ගොඩාක් ආදරෙන් පටන් ගන්න ආදරේට මෙහෙම වෙන්නෙ.මට හිතෙන විදියට නම් ප්‍රදාන හේතුව නම් විස්වාසය නැති කම.තමන් ආදරේ කරන කෙනාව විශ්වාස නැත්නම් අපි මොනතරම් ආදරෙයි කිවුවත් වැඩක් නෑ කියලයි මගේ අදහස.මිනිස්සු අතින් වැටරදීම් සිදවෙනව.ඒත් ඒ වැරදි වලට සමාව දෙන්න බැරිනම් එයා මනුස්ස කම දන්නෙ නැති කෙනෙක්.ආදරය කරන කෙනාව හැමදාම ලඟ තියා ගන්න ඕන නම් එයාව ගොඩාක් විශවාස කරන්න.තමනුත් ඒ විශ්වාසය රකින්නන....

මට කවදාවත් තරහා ගියේ නැහැ

 FB Page එක : මාගේ එකම සිහිනය*My One And Only Dream
නිර්මානය පල කරේ : ( අමො )

හැමදාම වගේ අපි මොනාහරි දෙයකට රණ්ඩු වෙනවා,,ඒත් 


හැම වෙලේම ඔයා මටත් වඩා කියෙව්වා,,


ඒ වෙලාවට මට කවදාවත් තරහා ගියේ නැහැ ..


ඒ ඔයා ඊට පස්සේ මටත් වඩා දුක් වෙන බව දන්නහින්දා..


මොන දේ උනත් අන්තිමේදි බැලුවම අපි රණ්ඩු වෙලාතියෙන්නේ,,


අපේ ආදරේ අපිටම වැඩි හින්දම නේද මගේ රත්තරන්.....


මගේ ඇසින් කදුලක් දකින්න ඔයා කවදාවත් ආස උනේ නැහැ,


ඔයාගේ ඇසින් එක කදුලක් වෙනුවෙන් මට මැරෙනකන්ම අඩන්න 


හිතෙනවා මගේ මැණික..


කවදාවත් හෙලන්න එපා මේ  ඇස් දෙකෙන් එක කදුලක් වත් මගේ 


වස්තුවේ...

Monday, September 12, 2011

මේ වහින වැහි බිදු තරමටම මගෙ ජීවිතේ තියන සතුට දුක දෙකම සමාන කරන්න පුලුවන් උනේ ඔයා මගෙ 


ජීවිතේ කල වෙනස්‌ කම් නිසාමයි..ඔයා මන් ලග හිටිය ඒ සුන්දර කාලෙ මේ වැහි බිදු තරමටම මම සතුටු 


උනා...එත් ඔයා අද මගෙන් දුරස්‌ උන වේදනාවට මේ 


පොලව සිබින වැහි බින්දු ගානටම මගෙ කදුලුත් 


පොලව මත වැතිරෙන්න ඇතී..කාලයත් එක්‌කම ඇයි 


මේ තරම් දුක්‌ බර වෙනස්‌ වීම් කරන්නෙ දෙයියනේ 


මේ දුක කියන්න අද මන් ලග අද කවුරුත් නෑ ඒ 


තරමටම මම තනිවෙලා තවත් නම් දරන්න බෑ මේ 


වේදනා 


මගෙ හදවතට ..ඒත් අඩනව ඇරෙන්න කරන්න වෙන 


දෙයක්‌ නැති තරමටම මම අසරන වෙලා....එදානම් 


ඔයා මා එක්‌ක හිටියා ඕනම අභියෝගෙකට මූන දෙන්න මට ශක්‌තියක්‌ වෙලා ඒත් ඒ ශක්‌තිය ඔයා එක්‌කම 


මගෙන් ඈත් වෙලා අද මම දිරාපත් උනු කඩදාසියක්‌ තරමටම අසරන වෙලා......
                                             FB එකේ පලකරේ :  Chathu(චතූ)




ඇය අහමුවන්නට පෙර මේ සසරේ

නුබ මට හමුවීනම්

සියොලග දවලා මා අලු කරනා

දුක්‌ ගිනි නෑ එහෙනම්...

අතැගිලි බැදෙනට පෙර ඔහු සමගින්

අප නෙත් ගැටුනේ නම්

මොහොතක්‌ පාසා නුබ ඔය සලනා

සුසුමන් නෑ එහෙනම්....

පෙර අප ඉපදුන මේ භව කතරේ

පිංකර තිබුනානම්

කදුලල් ඉතිරී හදවත රිදවන

දුක්‌ දෙන්නෑ මා නම්........

සෙනෙහස සොයන ඔය හද මඩලේ

ඉඩ පොඩ්ඩක්‌ ඇති නම්

ජීවිතයේ හැම දුක්‌ බර මොහොතෙම

නුබ තනි නෑ එහෙනම්....

ඒ මතක මා එක්‌ක මිදන් උනා.....♥

  FB එකේ පලකරේ : මාගේ එකම සිහිනය*My One And Only Dream




සොදුරුතම මතකයන් ඔබෙ නමට ලියා




හද පුරා ඒ මතක තැන් පත් කලා





වු වැරදි සියල්ල මගෙ නමට ලියා




ගත් හුස්‌ම එක වරම මම නතර 


කලා...




ඒ මතක හසරැල්ල මතක පොත 


පුරා





ඔබෙ නමම ලියවිලා තියන හැටි බලා





ඔය නෙතට දුක්‌ කදුලු දෙන්න බැරි නිසා





ඒ මතක මා එක්‌ක මිදන් උනා.....♥







Sunday, September 11, 2011

පෙමේ කදුලැල්

පෙමේ කදුලැල් නෙතට විතරක්‌ නොවේ


හිතටත් දැනෙනවා




මගේ ලැතවුල් මටම විතරයි ඔබව මම


තව සොයනවා

අනේ මේ ලෙස නොපැතුවත් මම පැතූ 



පැතුමන් බිදෙනවා

ඔබට නොඇසෙන ලෙසින් පැතුමන් තවත් 



මගෙ හිත පුරනවා.....

කවදාහෝ මම එන්නම්


                                                                                                          FB එකේ පලකරේ : ඉරිෂීයාකාර හිනාව


සැලෙන්නට යන කදුලුවලින්


මටත් ටිකක් ඔබ තියන්න


කවදාහෝ මම එන්නම්


කදුලු අරන් නුබේ තනියට


නුබ තනි නැහැ මං ළඟහිද


තනිරකින්න දුන් ඉඩ ටික


මට ඇති මුළු සංසා‍රේ පුරා


දිවිහිමියේන් කල් ගේවන්න


හමන සුළඟ පවා කීව


නුබ කම්මුල ළං උනාලු


ඒ සුළඟට බැන වැදුනා


පිවිතුරු ඔබ වත රකින්න....

ආදරෙයි මම මහ ගොඩාක්‌ ඔයාට

FB එකේ පලකරේ : Darshika Navodani Rajapaksha


මටම කියලා හදාගත්ත ලස්‌සන පුංචි ආදර ලෝකයක්‌ මටත් තිබුනා මගෙ අයියෙ...ඒ අහිංසක ලෝකෙ මම මවපු ආදර හීන ගොඬාරියක්‌ තිබුනා.....ඒ හීන ලස්‌සනට පාට කරලා,මගේ ලෝකෙ අයිතිකාරයා වෙන්න ඔයාට මම ඉඬදුන්නෙ ඔයා මට මහ ගොඬක්‌ ආදරේ බව දැනුන නිසයි.....ආදරේ ලස්‌සන ගොඬාක්‌ ආදරෙන් මට කියා දුන්න නිසයි,....අනේ ඉතින් ඇයි මගෙ මහත්තයො මේ පුංචි කෙල්ලගෙ අහිංසක පුංචි හීන ඔක්‌කොම බොද කරලා දාලා ඈතට යන්න ගියේ ....හිතුනෙ නැද්ද පොඬ්ඬක්‌වත් ඔයාගෙන් තොර ලෝකයක්‌ ඔයාගෙන් තොර හීනයක්‌ දැන් මට දකින්න බෑ කියලා....මගෙ මුලු ලෝකෙම ඔයා කියලා....දැනුනෙ නැද්ද මගෙ අයියා....අනේ මම තාමත් මග බලාගෙන ඉන්නවා මගෙ හිස්‌ වුන ලෝකෙ ආදරෙන් පුරවන්න ඔයා එනකම් මගෙ ලගට.....ආදරෙයි මම මහ ගොඬක්‌ ඔයාට හැමදාමත්...

Thursday, June 30, 2011

මගෙ ළග තනියට ඉනු මැනවි ....



ඔබ මා හමුවුණ මේ ඉර හඳ යට
කොතැනක සිටියත් මා මළ දවසට
මගෙ ළග තනියට ඉනු මැනවි ....
මගෙ... ළග තනියට ඉනු මැනවි ..

ඔබ සිත මා සිත හමු වූ දා සිට
මා ළය පීදී පරවූ පෙම් මල
සිතින් තුරුලු කර මා මළ දවසට
මගෙ ළග තනියට ඉනු මැනවි ....
මගෙ ළග තනියට ඉනු මැනවි ....

කඳුල සුසුම නොහෙළා නොදොඩා අපි
මිරිගු සයුර වෙත පියමන් කල සැටි
සිතින් දරා ගෙන මා මළ දවසට
මගෙ ළග තනියට ඉනු මැනවි ....
මගෙ ළග තනියට ඉනු මැනවි ....



අද පොස්ට් එක ගන මට මුකුත්ම ලියන්න නෑ....හැම දේම මේ ගීතයේ ලියවිලා තියෙනවනෙ.

Friday, June 24, 2011

අතීතයෙන් අහුලන මතකයන්....

 
කඳුලු,සිනහව,ආදරය,විරහව සමග......#256*15d5W152A.
 සඳ නැගුන පසු තරු එලියට අවමන් කරන අපේ මිනිස්සු මැද දහසක් බාදක තියාගෙනත් සඳූ ව එලිය කරන හිරු...මේ මගේ ආදර කතාව.,
මම හිරු.,මට එයා හම්බ උනේ මීට අවුරුදු දෙකට  විතර කලින් Leadership Training camp එකකදි.බටු ඇටයක් වගේ චූටි කෙල්ලෙක්.එදා ලංකාවෙ හැම පලාතකින්ම වගේ මේකට ළමයි ඇවිත් ඉදිය.මේ අතරින් තමයි මට ඒ මැණික හම්බ උනේ.මම දකුනෙ,එයා සබරගමුවෙ,ඒත් ඉතින් FR එකට ඒක අවුලක් නෑනෙ.FR එක කිව්වට එහෙමත් නෑ.camp එකෙදි ඇග බේරගන්ත් එපැයි.කොහොම හරි මනුස්ස කමින් පලවෙනි දවසෙ කතා බහ කරගෙන ඉදිය.අපි ඉතින් ගාල්ලෙ නෙ....නම බේරගන්නත් ඕන නිසා වැඩිය toke නොකර රෙස්පට් පිට තමයි අපේ සෙට් එක ඉදියෙ.ඔහොම එක දවසක් ඉඳිය, එදා දවසම Lecturers.මල මගුලායි කියන්න ඔන දෙවෙනි දවසෙ ඔක්කොම ළමයි Group කරා.නයි කයිද රෝස් පාන් කිව්වලු,,මෙන්න යකෝ අර බටු ඇටෙත් මම ඉන්න්න ගෲප් එකේ.සෙට් එකත් එක්ක ටෝක් කරාට මම කොහොමද තනියම ගේම run කර්න්නෙ....ඕන දෙයක් වෙන්න කියල මාත් පනාව දැම්ම.                                                                                                                             .                                                                                                      ‎...pLeAsE wAiT .....███████████ 63%


---------I am a Loner===
-----------Seeking a Lover==
------------Can?t find a Girl===
---------------Who can give me Joy=
-----------------Now that I have You==
----------------I will never lost You===
--------------------Coz My Love is True.==

                                                                                                       ප්‍රතිචාරයක් නොමැත.මම හිතා ගත්ත ආපහු නම් දත පෙන්නන්නෙ නෑ කියල.ඊට පස්සෙ ඉතින් දවස් පහේම බටු ඇටේ එක්ක වලි තමා.කෙල්ලෙක් කියල බැලුවෙ නෑ..තනි ඇහැට ඇඩැන කම් toke කරල මම් ශේප් වෙනව...කොහොම කොහොම හරි හෙන ගේමක් දීල 4n no එකත්.. වෙන කෙල්ලෙක් හැක් කරල හොයාගෙන... ගෙදර ඇවිත්..සුදු සිල් රෙද්දකුත් පොරවගෙන mis එකක් ගහුව.පැය දෙහකට විතර පස්සෙ Rply ආව....කෙලින්ම කඩ්ඩෙන්,          " Who are you.?please tell me.."මමත් ඇරියෙ නෑ.Dic එකත් ලන් කරගෙන දැම්ම reply එක." I am Your Prince..call me.. "ආව call එක ටිකකින්.....ඔන්න කොල්ල වැඩේට බැස්ස...
            ඔයිට වඩා කියන්න බෑ..කවුරු හරි එකෙක් අපේ අම්මෙට කිවුවොත් මගෙ කනට ගහල බිම දාල බෙල්ලත් පාගාවි.මොකද camp යනොටත් school එකේ කෙල්ලෙ ගෙදේට්ට මාට්ටු වෙලා,ඒක අස්සෙ boot එක තියපු කෙල්ලෙක් Massage කරනව ඇඩෙන්නම.. 
                                                                   |!
                                                                   |!"\(-,-)
                                                                   |!.. //>
                                                                   |!._/\_...


                                                    ඔය ඇති.දැන් කොහොම හරි කොල්ල එදා තනියම ගහන්න පටන් ගත්තු ගේම තවම එලට ගහනව.

එයා ගොඩක් දුරයි තමයි,ඒත් මට එයාව ගෝඩක් විශ්වාසයි.මට මන් ගැන වෙලාවකට පුදුමයි.හැම දාම class වලට කට් එක දාල රවුම් ගහපු කෙල්ලො,මගේ 4n එකේ මාසික වියදම දරපු.. එකෙක් වත් විශ්වාස නොකර......ඇහැට පේන්න නැති මේ කෙල්ල ගොඩාක් විශ්වාස කරනවා..ඒක මට කියල දුන්නෙත් එයා.(ඒක කිවුවෙ විශ්වාසය)මගේ ආදරේ ගොඩක් ලස්සන්යි.ඒ විශ්වාසය නිසා කියලයි මට හිතෙන්න...කෙල්ල ඇදගෙන Film Halla වල ,Box  ගානෙ , Rooms ගානෙ , Town එක පුරා අතේ එල්ලිල තුරුවෙලා නොගියට  එයාගේ ආදරේ මට අහස තරම්.ඒ ඇයි කියල දන්නෙ නෑ මම.ඒත් මේ හැම දේටම වඩා එයාගෙ ආදරේ මට,..එකම එක ලොකූ දෙයක් කියල දුන්නා..."ආදරේ කියන්න කරුවල කාමරයක් ඇතුලෙ කෙල්ලෙකුට තුරුලු වෙලා ඉන්න එකට නෙමෙයි".මම එයාට ආදරේ කරන්න ගත්ට්ම මට ගොඩක් අය හිනා උනා.ඒත් අද මම හිනා වෙනව  (◕‿)  කොචර ප්‍රශ්න තිබුනත් මම හිනා වෙනව.ඒ හැම ප්‍රශ්නයකටම පිලිතිරක් තියෙන නිසා......
" අච්චරයි මෙච්චරයි කියලකොච්චරක්ද කියන්න බැරි වුනාට ......මගෙ අත් දෙකන් මේන්න මේ තරමිකියල පෙන්නන්න මට බැරි වුනාට ......අර පේන මහා මුහුදටත් වැඩියෙන්,අහසෙ තියෙන තරු වලටත් වැඩියෙන්මගේ හිතට දරාගන්න බැරි තරමටමමම එයාට ගොඩාක් ආදරෙයි .....සත්තයි ...  "

────(♥)(♥)(♥)────(♥)(♥)(♥) __ ɪƒ ƴσυ'ʀє αʟσηє,
──(♥)██████(♥)(♥)██████(♥) ɪ'ʟʟ ɓє ƴσυʀ ѕɧα∂σѡ.
─(♥)████████(♥)████████(♥) ɪƒ ƴσυ ѡαηт тσ cʀƴ,
─(♥)██████████████████(♥) ɪ'ʟʟ ɓє ƴσυʀ ѕɧσυʟ∂єʀ.
──(♥)████████████████(♥) ɪƒ ƴσυ ѡαηт α ɧυɢ,
────(♥)████████████(♥) __ ɪ'ʟʟ ɓє ƴσυʀ ρɪʟʟσѡ.
──────(♥)████████(♥) ɪƒ ƴσυ ηєє∂ тσ ɓє ɧαρρƴ,

────────(♥)████(♥) __ ɪ'ʟʟ ɓє ƴσυʀ ѕɱɪʟє.
─────────(♥)██(♥) ɓυт αηƴтɪɱє ƴσυ ηєє∂ α ƒʀɪєη∂,

───────────(♥) __ ɪ'ʟʟ ʝυѕт ɓє ɱє