ඇය අහමුවන්නට පෙර මේ සසරේනුබ මට හමුවීනම්
සියොලග දවලා මා අලු කරනා
දුක් ගිනි නෑ එහෙනම්...
අතැගිලි බැදෙනට පෙර ඔහු සමගින්
අප නෙත් ගැටුනේ නම්
මොහොතක් පාසා නුබ ඔය සලනා
සුසුමන් නෑ එහෙනම්....
පෙර අප ඉපදුන මේ භව කතරේ
පිංකර තිබුනානම්
කදුලල් ඉතිරී හදවත රිදවන
දුක් දෙන්නෑ මා නම්........
සෙනෙහස සොයන ඔය හද මඩලේ
ඉඩ පොඩ්ඩක් ඇති නම්
ජීවිතයේ හැම දුක් බර මොහොතෙම
නුබ තනි නෑ එහෙනම්....

No comments:
Post a Comment