දෝර ගලන සඳ වතුරටඇහි පිණි දිය මුහුකරන්න...
වසන්තයේ නැවුම් තුරක
ලා දල්ලක් වී වැඩෙන්න....
රත් පියුමක පියලි පුරා
තොල් පෙත්තක රූ බලන්න...
දේදුන්නේ පාට අතර
මී බඳුනම දිය කරන්න.....
සුසුම් මැදින් සතුට එබෙන
මගෙ ඉරණම මට ලියන්න....
කඳුහෙල්වල අඳුර මැදින්
පාන අරන් නුඹ වඩින්න.....

No comments:
Post a Comment