ශිෂ්‍යත්වයෙන් පටන් ගත්තට පස්සෙ පශ්චාත් උපාදිය ගන්න කන්ම අපේ පුන්චි එවුන්ගෙ,තරුනයන් ගේ ජීවිතය තීරණය කරන්නෙ අධ්‍යාපන දෙපාර්තමේන්තුවනෙ.අපේ රටට හෙන ගැහිල තියෙන්නෙ මේ නිසා.ජීවිතේ සාර්තකත් වය ටතීරනය කරන එකම මිනුම් දන්ඩ උසස් අද්‍යාපනය වෙලා.O/L ලියන අහින්සකයන් ගෙන් 18% A/L කරන්න යද්දි අනිත් 80% ට මොකද වෙන්නේ.කොහොම හරි O/L කරගත්ත කියමුකො..A/L ඇවුන්ගෙ 2% උසස් අද්‍යාපනයට යද්දි අනිත් 98% මොකද වෙන්න....මේ රටේ කාටවත් පේන්න නැති උනාට,කවුරුවත් කතා නොකරට උසස් අද්‍යාපනයට නොගිහින් ඉන්න (කාලකන්නීන්)ලෙස හඳුන්වන 89% වූ තරුන තරුනියන් තමයි මේ රට Run කරන්නෙ..අපේ සල්ලි වලින් නිකන් ඉගන ගෙන USA UK වල යන දොස්තරල(යන ඇවුන් විතර්යි) ඉන්ජිනේරුවන් කවදාවත් අපේ රටට එක 1$ ගෙනේවිද?
හැකියාවට රැකියාවක් දුන්නෙ ගල් යුගේලු...දැන් jabak ඕනන්ම් සහතික මිටියක් ඕනලුනෙ.ඉතින් මේ යතාර්ථය තේරුම් ගත්තු දෙමවූප්යො ළමයින් ව පන්ති වලට දක්ක දක්ක යන්නෙ නැතුව මොනව කරන්නද...?මොකද එහාගෙදර ගිරව O/L's A-10 දාල අපේ එකාට බැරි උනොත් නෝන්ඩියනෙ.ශිෂ්‍යත්වයෙන් වැඩිම ලකුණු නැත්නම් ජාතික පාසැල් සිහිනය බොඳ වෙයි.ඊට පස්සෙ පන්දම් ,ගොටු O/L 'A' කීයද මන්ද(9ක් ද කොහෙද). නැත්නම් A/L බයෝ මැත්ස් හීනෙ බොඳ වෙනව. AL- යාලුවන් ටිකගෙ ඇස් වහල - ටියුෂන් සර්ලගෙ බොටුව මිරිකල,පසුගිය විභාග ප්‍රශ්න කොරල කොරල A තුනම ගන්න ඔනා.ඒ විතරක් මදි දිස්ත්‍රික්ක රෑන්ක් එක උඩට යන්න ඔනා නැත්නම් කැම්පස් හීනෙ බොඳ වෙනව.මටනම් 'S' 2 නිසා යන්තම් බේරුනා.අප්පච්චියෙ ඊට පස්සෙ මේ කරුමෙ ඉවර නෑ .A 3 ලු නෙ පටන් ගැන්ම...
subject සිලෙක්ට් කිරීම, 1st class, second upper-lower, ටෙම්පරි ලෙක්චරර්, ඊට පස්සෙ මල මගුලයි... ඉවරයක් නැහැ.ශිෂ්‍යත්ව (ආපහු 5හෙ පන්තියට යනවද මන්ද) පිටරට පශ්චාත් උපාධි.කියල වැඩක් නෑ...මොනව පස්සෙද අපි මේ දුවන්නෙ? මුකුත් නැහැ නේ ?එක එක්කෙනාගෙ හීන සපුරන්න කියල මැරීගෙන පන්ති ගානෙ දුවනව.ඒ ක වරදි නෑ.ඒත් මෙ ගමනෙ අවසානෙ කොතනද.ජය කනුව කොතනද?....කාටද කොතනද ජීවිතේ වැරදුනේ...?
හැම කෙනෙක්ම හැම දෙයක් ම කරන්නෙ තමන්ගෙ පැවැත්මට,ජීවත් වෙන්න,හරි හම්බ කරගෙන සුරක්ශිතජීවත් වෙන්න.ගරු කටයුතු රැකියාවකට...හොඳ තැනකින් පරස් තාවක් කරගන්න.මේ ලංකාව තුල O/L rislt පන්න ඔඅන්න අහන එක පුදුමයක් නෑ..ඔය ලොකුවට කියන විභාග සමත් අය විතරද දියුනු වෙලා ඉන්නෙ.ඔය කියන සහතික වලට වඩා ලොකු දේවල් එයාලගෙ ජීවිත වල තියෙනව.සමාජයෙන් ලැබෙන අත්දැකීම්,නිවරදි දැකීම,ධනාත්මක චින්තනය,කැපවීම කවදාවත් කැම්පස් එකකින් නොලැබෙන ගොඩාක් දේ එයාල ගාව තියෙනව.
O/L , A/L ගිරව් වගේ පාඩම් කරල කැම්පස් යන අය එතන ගිහින් මරා ගන්න එක ගැන පුදම විය යුතු නෑ.පාසලේ තියෙන බාහිර වැඩ කරල ටවුන් එකේ වල ගහල,කෙල්ලො 10 -15 එක්ක යාලුවෙලා,එක්කෙනෙකුට ආදරේ කරල,දත් ගලවල,රටේ තියෙන හැම කුප්ප වැඩක්ම දෑසින් දැකල බුද්ධියෙන් පුලු පුලුවන් විදියට තෙරුම් අරගෙන,O/L වලට යන්තම් S ට්කක් දාගෙන A/L ලයිට් කනු ටිකක් ගන්න එකෙක්ට සමාජයෙන් මෝඩයෙක්,හරකෙක් කියල කියන්න පුලුවන් .ඒත් කැම්පස් එකට ගිහින් මරා ගන්න ඇවුන් හොද වෙන්නෙ කොහොමද කියන එකයි මට තියෙන ප්‍රශ්නෙ.A/L fail වෙන කොල්ලො කෙලොත් යන තැන් රජයෙන් හදල තියෙනව.TEC , VTA නමින් ඳුන්වන්නෙ ඒව.කවදාවත් මෙවට යන තරුනයො මරාගෙන කියල හරි,පිකටින් එකක් කියල හරි අහල තීද..?නෑ...ඇයි නැත්තෙ...
ඉස්සෙල්ල කියපු හැම දෙයක්ම කරල යන මේ කොල්ලොන්ට කෙල්ලොන්ට ඒව අලුත් දෙවල් නෙමෙයි.එයාලට ඉගනීම කියන දේ ටිකක් අලුත්. එයාල ඉගන ගන්නව කැම්පස් යන කෙනෙක් තරම් මෙයාලට පිලිගැනීමක් නැති උනාට කැම්පස්එකෙන් එලියට එන කෙනෙකුට වඩා හැම අතින්ම දියුනුයු..................ඉතින් සදාචාරාත්මක , පාරම්පරිය ඇස් වලට දිරවන්නෙ නැති ඇත්ත මේකයි...
වැඩිහිටියන් වෙත ලියම්.. :දරුවන්ට නිදහසේ හැදෙන්න දෙන්න. සූක්ෂම ලෙස ඔවුන්ට පාර පෙන්වන්න. ඒත් ඔබට උවමනා පාරේ උන්ව බලෙන් කෝටුවෙන් තල තල අතින් ඇදගෙන දක්කන්න එපා. උන් යන පාර කටුක බව, තමන්ම තමන්ගෙ ජීවිතය ගොඩ නගා ගතයුතු බව උන්ටම පසක් වෙන්න ඉඩ දෙන්න. ඊට අවැසි ශක්තිය වෙන්න. අනුශාසනය මිස විනිශ්චයාසනයට ගොඩ වෙන්න එපා..
මේ හැම දෙම කියෙවුවනම් මේක නොබල යන්න තරම් මෝඩ වෙන්න එපා..2003 දී කියවපු බ්ලොග් එකකිනුයි මේක උපුටන්නෙ.
ඔබට මොලය කලඳක් හෝ තිබේ නම් එයම ඔබේ දරුවන්ට කරන්න එපා."" මැරුනේ හීනය විතරක් නෙමේ..මැරුනේ මමයි ""
මේ කටුක වචනයෙන් , ඒත් ගොඩාක් සංවේදී හැඟීමෙන් ලියුව ආදරනීය ආයාචනයක්......
No comments:
Post a Comment