Wednesday, June 15, 2011

ඇඳක් උඩට වෙලා 4න් 1ක කනේ ගහගෙන මලක් කැඩුවට සල්ලි හම්බ වෙන්න නෑනෙ

අකුරු හතරෙන් අද කියන්න යන්නෙ අලුත් කතාවක්.ආදරේ ගැන කතා කරනකොට ගොඩාක් අය මග හරින sub එකක් තමයි මට අහුඋනේ..ගේ දොර අග හිග කම් එනකොට ආදරේ පෑල දොරින් පිටවෙනව කියනවනෙ.මම මෙහෙම කිවුවම අපේ කෙල්ලො කොල්ලො කියාවි "මගේ ආදරේට කවදාවත් එහෙම වෙන්නෙ නෑ"කියල ඒව සුරන්ගනා කතා විතර්යි.තරුන කාලෙ එක කෙල්ලෙකුට ආදරේ කරනව වගේම ඒ ආදරෙන් පටන් ගන්න ජීවිතය සාර්තක වෙන්න නම් අග හිග කම් නැතුව ඉන්න ක්‍රමයකුත් හොයා ගන්න ඕනනෙ.ඇඳක් උඩට වෙලා 4න් 1ක කනේ ගහගෙන මලක් කැඩුවට සල්ලි හම්බ වෙන්න නෑනෙ.....මම හොඳ story ක් කියන් නම්.ලෝකෙ ලොකු දතෙක්(ධනවතෙක්)ගෙ life එකෙනුයි ඉපිටුවෙ.
//import blog.sansare.blogspot.*;

ඔහු......Warren Buffett

  • ඔහු පලමුවෙන් ම ආයෝජනක් කරන්නේ වයස 11 දී.ඒත් ඔහු අද කියනව පමා වැඩියිලු,අද ඔහු ඒ ගැන පසු තැවෙනවා."ඒ කාලෙ හරිම ලාබයි.පොලිය ගොඩක් වැඩ්යි...ඔබත් ඉක්මනින්ම ආයෝජනය කරන්න "
  • පුවත් පත් බෙදා හැරීමේ රැකියාවෙන් ලැබෙන මුදල් වලින් ඔහු වයස 14 දී සතුන් දෙදෙනෙකු සහිත කුඩා ගොවිපොලක් මිලට ගන්නව.  "සුලු මුදලක් හෝ උපයන්න.එයින් ඔබ මිලට ගන්නා සුලු දේත් ඔබ්ට විශාල ආත්ම විස්වාසයනක් ලැබේවි"
  • ඔහු අදටත් ජීවත් වන්නේ මීට වසර 53 කට පෙර මිලදීගත් නිදන කාමර 3ක් සහිත කුඩා නිවෙසේයි.විශේශය වන්න්නේ ඔහුගේ නිවසට තාප්පයක් නොමැති වීමයි."ඔබට අත්‍යාවශ්‍ය දේ හැරුන විට අනවශ්‍ය දේ මිලට ගැනීමෙන් වලකින්න"
  • ඔහු තවමත් ඔහුගේ මෝට රථය පදවා ගෙන නිදහසේ යයි.ආරක්ශකයෙක් හෝ රියදුරෙක් නැත."ඔබ ඔබම වන්න.ඒ තුල සැන සීම ඇත."
  • ඔහු කිසිම දිනක පවුද්ගලික ගුවන් යානයේ ගමන් නොකරයි..එහෙත් පුදුමය නම් ලොව විශාලතම පුත්ගලික ගුවන් යානා සමාගමේ හිමි කරුවා ඔහුය."අරපිරි මැස්ම සිහියේ තබාගන්න.."
  • ඔහුගේ ඉලක්කය වුයේ  ඇය සතුටෙන් තැබීමයි."ආදරය යනු කරුවල කාමරයක තුරුළු වී සිටීම නොවේ.ජීවිතය ජය ගැනීමයි"
  • ඔහු ඉහල පෙලේ ධනවතුන් සමග ප්‍රිය සම්බාශන වල යෙදෙන්නේ අල්පවය.වඩාත් කැමති බිරිය සම ඔරු  පැදීමටය."ප්‍රදර්ශනය 'Add 1ක' වීම අනවශ්‍ය දෙයකි..ඔබේ ජීවිතය ඔබ විදින්න."
  • ඔහු ජන්ගම දුරකථනක් හෝ පුත්ගලික් පරිගනකයක් බාවිතා කරන්නෙකු නොවේ."නිතරම සරලව සිටින්න"
ලොව සුපිරිම ධනවතා වන බිල් ගේට්ස් මේ අපූරු ධනවතාව මුණගැසුනා මීට වසර 5 කට කලින්. බිල් සිතුවේ ඔහුට සහ මේ අපූරු ධනවතාට කතා බහ කිරීමට කිසිදු පොදු දෙයක් සොයා ගත නොහැකි වනු ඇත කියායි. එනිසාම ඔහු මේ සාකච්ඡාවට අරමුණු කරන්නේ පැය භාගයක කාලයක් පමණයි. නමුත් මෙම හමුව අවසන් වූයේ පැය 8 ක සුන්දර කතාබහක් අවසන බිල් ගේට්ස් ලොව දෙවන ධනවතා ගේ අනුගාමිකයකු වීමෙනි.

  1. ණය කාඩ් පත් වලින් මිදෙන්න,ආයෝජනය කරන්න.
  2. මුදල් වලින් මිනිසෙකු තැනිය නොහෑකියි. මතක තබා ගන්න.මුදල් නිර්මාණය කලේ මිනිසායි!
  3. සරල ජීවිතයක් ගත කරන්න.
  4. අනුනට උවමනා දේ අසා සිටින්න.ඔබට උවමනා දේ,හොඳ යැයි සිතෙන දේම කරන්න.
  5. වෙලඳ නාම වලට නොරැවටෙන්න.ඔබට සුව පහසු දේ අඳින්න පලඳින්න.
  6. අනවශ්‍ය දේට වියදම් කරන මුදල්, අවශ්‍යතා ඇතියෙකුට පරිත්‍යාග කරන්න.
  7. ඔබේ ජීවිතය...ඔබේ නිදහසේ ගෙවන්න...අනෙකෙකුට ඔබ පාලනය කිරීමට ඉඩක් නොතබන්න...

ලෝකයේ සතුටින්ම වෙසෙන්නන් සතුව ලෝකයේ හොඳම හැමදේ ගොඩ ගසා නැත...ඔවුන් සතුටෙන් සිටීමේ රහස ඔවුන් ඔවුන් සතු දේ අගය කිරීම සහ සෑහීමට පත් වීමයි.මේ සිටින්නේ ලෝකයේ දෙවන සුපිරි ධනවතා  Warren Buffett!!! මටත් හිතෙනවා... ඔහු ධනවත්!!! ලෝකයේ හැමකෙනෙකුටම වැඩිය....හේතුව ඔහු ලඟා කොට ගෙන සිටින සරල, සාමකාමි සැනසිලි දායක,ආදරනීය ජීවිතය .. ඔහු ඉතා පොහොසත්.


ආදරේ කරන තරුනයන් වශයෙන් ජීවිතය ජයගැනීම ආදරේ වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමකි.තමන් ආදරය කරන කෙනා සතුටින් සැපෙන් තඑබීමට තම තම හැකි පමනින් කල හැකි නම් එය නියම ආදරය ලෙස සැලකිය හැකියැයි අකුරු හතරේ මට සිතේ.. 

No comments: