ගහට මලට නිල් අහසටකතා කරන තරු දෑසට
ආදරේ මම සොඳුර නුඹට
නොතේරුනත් ඔය හිත හට....
සංසාරෙම පුරුදු ලෙසට
හමු වූවත් අපි මේ ලෙස
පෙම් කෙරුවත් මහමෙරකට
ඔබ ඈතයි ඉර තරමට......
හැමදාමත් ලඟ උන්නට
නෑ සිසිලක් ඔය හිත ලඟ
ඔබේ වදන් හිත නිව්වට
සිනහව ගොස් දුර ඈතක.....
කවි ගලපන මගේ දෙතොලට
තනුව අහිමි කවියකි ඔබ
පිපාසිත වූ මගේ කතරට
උල්පත නොව සයුරකි ඔබ....

No comments:
Post a Comment