Friday, January 27, 2012

තනුව අහිමි කවියකි ඔබ

ගහට මලට නිල් අහසට


කතා කරන තරු දෑසට


ආදරේ මම සොඳුර නුඹට


නොතේරුනත් ඔය හිත හට....


සංසාරෙම පුරුදු ලෙසට


හමු වූවත් අපි මේ ලෙස



පෙම් කෙරුවත් මහමෙරකට



ඔබ ඈතයි ඉර තරමට......



හැමදාමත් ලඟ උන්නට



නෑ සිසිලක්‌ ඔය හිත ලඟ



ඔබේ වදන් හිත නිව්වට



සිනහව ගොස්‌ දුර ඈතක.....



කවි ගලපන මගේ දෙතොලට



තනුව අහිමි කවියකි ඔබ



පිපාසිත වූ මගේ කතරට


උල්පත නොව සයුරකි ඔබ....





No comments: