Sunday, January 22, 2012

සඳක් බැස යන නිමේශෙක

ළඟින් ඉන්නට අහිමි වූවද

දුරින් ඉදගෙන එළිය විහිදන


සහස් ගව් දුර විහිද විකසිත


තරුව පිපියන් ලොවට ලස්සන


සඳක් බැස යන නිමේශෙක


හිරුට සඳ නැති පාළු දැනුනම


පායනා තරුවෙන් ගිලිහි ගිය


කදුළු කැට වියැලේවි උදයෙම



පොළෝ තලයේ පිපී සුදිළෙන


නෙළුම් මහනෙල් ඇතේ විල් 
තෙර

රැයේ මැදියම හොරෙන් වැටියන්


සියපතක පෙති අතර රැදෙනට





කුමට ගිනියම් ඉරට ළැදිකම්


සුමුදු මහනෙල් සුවය වේ නම්


සඳ මඩලකින් කඳුළු දේ නම්


රාහු සේ සඳ ගිල දමන්න

No comments: