ළඟින් ඉන්නට අහිමි වූවදදුරින් ඉදගෙන එළිය විහිදන
සහස් ගව් දුර විහිද විකසිත
තරුව පිපියන් ලොවට ලස්සන
සඳක් බැස යන නිමේශෙක
හිරුට සඳ නැති පාළු දැනුනම
පායනා තරුවෙන් ගිලිහි ගිය
කදුළු කැට වියැලේවි උදයෙම
පොළෝ තලයේ පිපී සුදිළෙන
නෙළුම් මහනෙල් ඇතේ විල් තෙර
රැයේ මැදියම හොරෙන් වැටියන්
සියපතක පෙති අතර රැදෙනට
කුමට ගිනියම් ඉරට ළැදිකම්
සුමුදු මහනෙල් සුවය වේ නම්
සඳ මඩලකින් කඳුළු දේ නම්
රාහු සේ සඳ ගිල දමන්න

No comments:
Post a Comment