Friday, January 27, 2012

හිතුවක්කාරී ගේ පුංචි කතාවක්‌....


පුංචි කතාවක්‌.....
ආදරේ කියන්නෙ අමුතු හැගීමක්‌....හදවතට විතරක්‌ම ගන්න පුළුවන් 
හැගීමක්‌. ඒක මට තේරුම් කලේ ඔබ....පුංචි සුළන් රැල්ලකට පවා 
තිගැස්‌සෙන මගේ හිත හදුනාගත් ඔබ.
පුරුද්දක්‌ විදියට මම මta තාත්තිව බලන්න ගිය වෙලේ....ඔයත් අවිත් 
හිටියා දවසක්‌ ඔයාගේ අම්මිව බලන්න.අපේ මුල්ම හමුවීම...අහිමිවූවන් 
ලගදි හමුවීමක්‌.

හේතුවක්‌ නොතිබුනත් මගේ හැම වචනෙකම තිබුනේ දුකක්‌,අහිමි 
වීමක්‌.කෙනෙක්‌ව හොයලා හොයලා මහංසිවෙලා හති වැටිලා හිටියෙ 
මට.ඒත් මම හෙව්වෙ ඔයාව කියන දේ කවදාවත් මගෙ හදවත 
පිලිගත්තේ නෑ.ඔයා කිව්ව වගේම මම හැමදාම කලේ මගේ හදවත 
මට්‌ටු කරන එක.ඔයාවම හොයපු මගේ ඇස්‌ දෙක,ඔයාව අහන්න බලන් 
හිටිය මගේ සවන්,ඔයාව විදින්න ආසාවෙන් හිටිය මගේ හිත....ඔයා 
ලගදි සීමාවක්‌ නැතිවම මම මට්‌ටු කලා.ඔයා අදරේ කියදි,ආදරේ කරද්දි 
මම නොඇසුනා නොදැනුනාවගේ හිටිය ඒත් මම කවදාවත් හිතුවේ නෑ 
ඔයා මගෙන් ඈත් වෙවී කියලා.නොහිතපු විදියටම ඔයා හිටිගමන් 
ඔයාගේ මතකේ විතරක්‌ ඉතිරිකරලා යන්න ගියා.කාලය ගෙවුනා..මම 
බලන් හිටියා

දවසක්‌ හදිස්‌සියේ දුටු දේකින් මට මගෙ ඇස්‌ අදහාගන්න බැරිවුනා.... 
ඔයා මගේ ඇස්‌ ඉස්‌සරහා.ඒත් මගේ මූනවත් නොබලම යන්න 
ගියා.කොහොම විස්‌වාස කරන්නද....ඔයාගේ අම්මිට පස්‌සෙ 
වැඩියෙන්ම මට ආදරෙයි කිව්ව ඔයාමද මේ.ජීවිතේ ගැන කලකීරීම 
විතරක්‌ම මට ඉතිරි වෙද්දි ආදරේ ගැන තිබුන අන්තිම විස්‌වාසෙත් බිදිලා 
ගියා.ආය කවදාවත් ඔයා එක්‌ක කතා කරන්නවත් මගේ හිත කැමති 
වුනේ නෑ.ඔයා කතා කරපු හැම සැරේකම මම ඔයාව මග ඇරියා.ඔයාට 
නිදහසට කරණාවක්‌වත් කියන්න ඉඩ නොදීම. .හිතට අගුල් දාලා 
තහනම් කලත් ඔයා එක්‌ක කතා කරන්න මතත් ඕනි වුනා කාලෙකට 
පස්‌සෙ.ඒත් එදා මට ඇහුනේ ඔයාගේ හඩනම් නෙවී....මලානිකවුන 
කටහඩක්‌ මගෙ හිත ගැස්‌සුනා ....ඔයාටත් දැනෙන්නම.... ඔයා ජීවිතේ 
විනාසකරගන මම නිසාම....ඉතින් මට සමාවක්‌ තියේවි කියලා 
කොහොම හිතන්නද....

"මම ආයත් කතා නොකරම ඇරියොත් ඔයාගේ තාත්ති ඉන්න තැනට 
ගිහින් මම වෙනුවෙන් තාත්තිට පින් දෙන්න බබා "කියලා ඔයා නිහඩ 
වුනා.මම බලන් හිටියා දවස්‌ ගානක්‌.. ඔයාගේ හඩවත් අහන්න.ඒත් 
ඔයා ආය කවදාවත් කතා කලේ නෑ.

තාත්තිගේ දුවට මේ තරම් බර හිතක්‌ දුන්නෙ ඇයි අහන්න මම මගේ 
තාත්තිව හොයාගන ගියා....ඒත් මගේ තාත්ති ,ඔයාගේ අම්මි විතරක්‌ 
නෙවී ඒ ලගින්ම ඔයත් හිටියා.පපුවට අලුත් බරක්‌ දැනුනා....ඇස්‌ කදුළු 
වලින් පිරුනා.ඔයා හරියට මගේ හෙවනැල්ල වගේ හැමවෙලේම මගේ 
ලගින්ම හිටියා.ඒක මට දැනුනේ ඔයාගේ මරණන් පස්‌ස්‌සෙ
අන්තිම සැරේ ඔයාව දැක්‌ක වෙලේ ඔයාගේ මූනේ තිබුන 
බලාපොරොත්තු විරහිත බැල්ම මතක්‌ වෙද්දි අද මට ගොඩාක්‌ දේවල් 
තේරෙනවා.ඔයාගේ අම්මිට පස්‌සෙ වැඩියම ආදරේ කරපු කෙනාගෙන් 
ඈත් වෙලා මරණය එන තුරු බලන් ඉන්න එක කොච්චර දුකක්‌ 
වෙන්න ඇතිද ඔයාට....එවෙලෙත් ඔයා හිතුවෙ මම ගැන...ඉතින් මම 
කොහොමද හිත හදා ගන්නේ.මගේ ජීවිතේ ඔයා වෙනුවෙන් තිබුන ඉඩ 
ඔයාගේ මතක වලින් පිරිලා හැමදාම හිස්‌තැනක්‌ වෙලාම තියේවි
මහ මෙරක්‌ තරම් මහලොකු ආදරයක්‌ මගේ හිතේ ඔයා ගැන තිබුනා මේ 
කතා කරන්න බැරි ඉර හද තරු සාක්‍ෂි කියාවි ඒකට ඒත් ඒ හැම දේකටම 
වඩා මගේ අසම්පූර්ණ වුන ජීවිතේ ඒකට සාක්‍ෂියක්‌ වේවී...ඉතින් 
කොහොමද කියලා දෙන්නේ මගේ හැම දේම හොදින්ම තේරුම් ගත්තේ 
ඔයයි..ඉතින් ඔයා සමු අරගන මට සමු දෙන්නේ නැතිවම......

No comments: