අහස හැර යන සරා සඳ ලගදේදුන්නක්ව පායන්න
සිහින ගෙන නිම්තෙරට
නුඹත් ඇවිදින් ඉන්න
රෑ අහසේ තරැ පිරැණු සඳපානේ
බොරළු ගල් අඩි පාරේ
සේපාලිකා මල් වැටුනු සිතලේ
ඇවිදින්න එනවද මා එක්ක
සිත නිවන බෝමළුවේ
සැලෙන බෝපත් අතර
සුදු නෙළුම් පොකුරකට පැන් වගේ
ගිලන් වු හදට පිරිත් පැන් නුඹ වෙන්න
සිනිදු පිනි බිංදු මත නුඹ ඉන්න
නිල්ල පත් දිගේ විත් සිපගන්න
ආදරේ වැලිතලා මත විසිරෙන්න
සෙනේහසේ හද කවුළු හැර දෙන්න
විහඟ ගී ඇහෙන හිමිදිරියේ
හිරැ කුමරැ රහසින්ම වඩින විට
බුදු පහන ලඟ නැගෙන සුවද වගෙමයි
නුඹ දුන්නු ආදරේ සුවඳ මට

No comments:
Post a Comment